සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද ලැබෙන වේලාව

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද (28 ) සවස නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා.

www.doenets.lkයන වෙබ් අඩවියෙන් මෙම ප‍්‍රතිඵල ලබා ගත හැකිවනවා.

කොළඹ හා ශී‍්‍ර ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයන්හි පාසල්වල විදුහල්පතිවරුන්ට හෙට (29) පෙරවරුවේ විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රතිඵල ලේඛන ලබා ගත හැකි යැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

පසුගිය දෙසැම්බර් මස පැවති මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ හයලක්‍ෂ පනස් දහසක පමණ පිරිසක් පෙනී සිිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *