දකුණු පළාතේ පොලිසිවලට පොලිස්පතිගෙන් රතු එළියක්

දකුණු පළාතේ පසුගිය දිනවල සිදුවු අපරාධ යළිත් සිදුනොවන ලෙසට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබා දී තිබේ.

පළාත්භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන්ට අදාළ උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

ගාල්ල සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාශවල පසුගිය දිනවල සිදුවු වෙඩි තැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අදාළ ප්‍රදේශවල ඊයේ (13) සංචාරයක නිරත වු අතර අනතුරුව කොස්ගොඩ පොලිස් ස්ථානයේදී ගාල්ල සහ ඇල්පිටිය කොට්ඨාශවල ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ වාර්තා කොට්ඨාශය, කොළඹ අපරාධ කොට්ඨාශය, ප්‍රජා පොලිස් කොට්ඨාශය, පොලිස් විශේෂ කාර්යය බළකාය හා බුද්ධි අංශ ඇතුළු සියලු නිලධාරීන් කැඳවා මෙම අපරාධ විසඳීමේ දී එකිනෙක සම්බන්ධීකරණය වීම, තොරතුරු හුවමාරු කරගැනීම හා නිලධාරින් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නියෝග ලබා දී ඇති බව වාර්තා වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *