උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 නොවැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයට 1.5 සිට 2023 නොවැම්බර් මාසයේදී සියයට 3.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2023 ඔක්තොබර් මාසයේ පැවති සියයට -5.2 සිට 2023 නොවැම්බර් මාසයේ දී සියයට -3.6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2023 ඔක්තෝබර් මාසයේ දී 4.9% ක් ලෙසින් වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී 6.8% ක් දක්වා වැඩිවී ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *