ජනක රණවක නිදොස් කොට නිදහස්

ඔබේසේකරපුර හැටේ වත්ත සහ අරුණෝදය මාවත යා කරමින් ඉදි කර තිබු පාලමක් කඩා දැමු බවට හිටපු නගරාධිපති ජනක රණවක මහතාට එරෙහිව මහාධිකරණයේ පවරා තිබූ නඩුවෙන් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (3) ඒ මහතාව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ වසර 4ක නඩු විභාගයෙන් අනතුරුව පැමිණිලිකරුවන් විසින් ඉදිරිපත් කරන ලද චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට සමත් නොවීම නිසයි.

එම නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වය ප්‍රකාශ කර ඇත්තේ මෙම පාලම කෝට්ටේ මහ නගර සභාවෙන් ඉදිකළ එකක් බවයි.

නමුත් සාක්ෂි ලබාදීමේදි එවකට හිටපු නගරාධිපති ස්වර්ණා සිල්වා මහත්මිය සහ හිටපු නාගරික ඉංජිනේරු විජේරත්න මහතා පවසා ඇත්තේ මෙය නගර සභාවෙන් ඉදි කරන ලද පාලමක් නොවන බවයි.

ජනාධිපති නීතීඥ නලින් ලදුහෙට්ටි මහතා සමග නිතීඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා ජනක රණවක මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

මෙම පාලම 60 වත්ත ප්‍රදේශයේ ජනතාවගේ බලවත් අකමැත්ත මත පුද්ගලයෙක් විසින් ඉදි කර ඇති බවත් මෙම පාලම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ඉතා පහසුවෙන් නීතිවිරෝධි ව්‍යාපාරවල යෙදීමට හැකියාව ඇති බවත් එම නිසා 60 වත්ත ජනතාවගේ සාමකාමී ජිවිතවලට බාධා ඇති වන නිසා මෙම පාලම ඉවත් කරන ලෙස ප්‍රදේශවාසීන් අත්සන් කරන ලද ලිපියක් නගර සභාවට ලබා දී තිබු බව හිටපු නගරාධිපති ජනක රණවක මහතා ප්‍රකාශ කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *