මන්ත්‍රී ගමන්ගත් වාහනය අනතුරට ලක්වේ – මව, පියා සහ දරුවා රෝහලේ

වවුනියාව කුඹුගොල්ල ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් ගමන් ගත් කැබ් රථය යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

කුඩා දරුවෙකු ඇතුළු 3 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

අනතුර සිදු වන අවස්ථාවේදී කාදර් මස්තාන් මන්ත්‍රීවරයාද කැබ් රථයේ ගමන් ගෙන තිබෙනවා.

අද පෙරවරු 9.00ට පමණ සිදු වූ අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරන අතර අනතුරෙන් තුවාල ලැබූ එකම පවුලේ මව, පියා හා දරුවා වවුනියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු එකහමාරක් වයසැති දරුවෙකු , 27 හැවිරිදි පියා සහ 25 හැවිරිදි මව යන එකම පවුලේ තිදෙනෙක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *