31 වන දා මාකුඹුරේ සිට ඇරඹෙන සුපිරි ප්‍රවාහන අත්දැකීම (VIDEO)

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය එළැඹෙන 31 දා ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.

දුම්රිය, මහා මාර්ග හා අධිවේගී මාර්ග සම්බන්ධවීමක් මේ ඔස්සේ සිදු වනවා.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කළ පසුව දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන මේ වනවිට මහරගම නතර කරන බස්රථ මෙහි නතර කිරීමට සැලසුම් කර තිබෙන අතර කොට්ටාව බස් නැවතුම්පොළින් කොටසක්ද මෙම ස්ථානයට ගෙන එනු ඇති.

අළුතින් ඉදිවන අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ කොළඹට ඇතුළු වීමට තිබෙන පිවිසුම් ස්ථාන දෙක වන්නේ කොට්ටාව මාකුඹුර සහ අතුරුගිරිය පෝරේ යන පිවිසුම් ස්ථාන දෙකයි.

මේ අනුව, දකුණු අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය, ඉදිකරමින් තිබෙන මහනුවර අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන මගීන්ට මෙම පිවිසුම් ස්ථාන දෙක ඔස්සේ කොළඹට ඇතුළු වීමට පුළුවන.

මේ නිසා, අනාගතයේදී කොට්ටාව මාකුඹුර සහ අතුරුගිරිය පෝරේ යන ප්‍රදේශ ආශ්‍රිතව මහා පරිමාණ සංවර්ධනයක් සිදුවනු ඇතැයි උපකල්පනය කළ හැකිය.

මේ වනවිටත්, මෙම ප්‍රදේශ රජයේ මහා නගර සංවර්ධන වැඩසටහන යටතේ විවිධ සංවර්ධන කටයුතු සඳහා හඳුනාගෙන තිබෙන කලාපයකි.

මේ අනුව බලන විට, කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැදගත්කම අනාගතයේදී වඩාත් වැඩිවනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය සහිතව කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ 2015 මැයි මාසයේදී වන අතර කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් මිලියන 845 කි. සම්පූර්ණ භූමිය සංවර්ධනය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 140 ක් වැයකර තිබෙනවා.

මේ සඳහා 50% ක අරමුදල් ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳ ජපාන බැංකුවෙන් ලැබී තිබෙන අතර ඉතිරිය දේශීය වශයෙන් ලබා ගත් අරමුදල් වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *