මදූෂ්ගේ අනියම් බිරිඳට අයත් මෝටර් රථයක් අත්අඩංගුවට ගනියි

මාකදුරේ මදූෂ්ගේ ඩුබායිහි වෙසෙන අනියම් බිරිදට අයත් මෝටර් රථයක් පාදුක්ක පොරේගෙදර ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාගේ නියමයෙන් ඊයේ (08) කළ මෙහෙයුමකදී මෙම මෝටර් රථය සිය භාරයට ගත් බව පාදුක්ක පොලීසිය පවසනවා. පුද්ගලයින් දෙදෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාකදුරේ මදූෂ්ගේ අනියම් බිරිද මීට පෙර සිට ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන කළු තුෂාර සමගයි. මෝටර් රථය සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ ඥාතීන් දෙදෙනෙකු බවද පාදුක්ක පොලීසිය පවසනවා.

ඉන් එක් සැකකරුවෙකු මීට මාසයකට පෙර ඩුබායිහිදී මාකදුරේ මදූෂ් හමුවී ඇති බව සිදු කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා. තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බව පාදුක්ක පොලීසිය පවසනවා.

මේ අතර මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු තවත් සැකකරුවන් 6 දෙනෙකුගේ නිවාස ඊයේ (08) පොලීසිය විසින් පරීක්‍ෂාවකට ලක් කළා. එහිදී මදූෂ්ගේ ගෝලයෙකු වන අනුෂ්ක කවිෂාල් හෙවත් ජංගාගේ ගන්දර පිහිටි නිවසේ තිබී යුද හමුදා නිල ඇදුමට සමාන ඇදුම් කට්ටල 8 ක් සොයා ගැණුනා. ඊට අමතරව එම නිවසේ තිබී ටී 56 ජීව උණ්ඩ 32 ක්, පතුරම් කොපු 38 ක් සහ යතුරු පැදි 3 ක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *