ප්‍රබල ගිනිඅවි තොගයක් ලංකාවට ගෙන ඒමට සැළසුම් කළ මධූෂ්ගේ ගිනිඅවි ජාවාරම

මෙරට ආරක්ෂක අංශ පවා භාවිත නොකරන අති නවීන වර්ගයේ ගිනි අවි තොගයක් මෙරටට එවීමේ මාකදුරේ මධුෂ්ගේ සැලැසුමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙක් විසින් ඊයේ (20) හෙළිදරව් කර තිබෙනවා.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ නාවික හමුදාව භාවිත කරන M – 16 වර්ගයේ ගිනි අවියට වඩා වැඩිදියුණු කළ M – 39 වර්ගයේ මැෂින් තුවක්කු තොගයක් මෙරටට එවීමට මාකදුරේ මධූෂ් සැලසුම්කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට අත්අඩංගුවේ පසුවන ඔහුගේ සමීපතම ගෝලයකු විසින් හෙළිකරනු ලැබ ඇති බවත් එම නිලධාරියා කියා සිටියා.

මෙම මහා පරිමාණ අවි ජාවාරම මගින් මෙරටේ විශාල ව්‍යසනයක් සිදුකිරීමට මාකදුරේ මධුෂ් බලාපොරොන්දු වූ බව පෙනී යන බවත් ඔහු මෙම ගිනිඅවි තොගය පුද්ගලයන් පස්දෙනකු මාර්ගයෙන් මෙරටට එවීමට සැලසුම් කර තිබූ බවට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.

M – 39 මැෂින් තුවක්කුව අමරිකාවේ නිෂ්පාදනයක් වන අතර එය යුද මෙහෙයුම් සහ විශේෂ මෙහෙයුම් සඳහා පමණක් භාවිත කරන බවයි ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *