මහින්ද්‍රා සමාගම ලංකාවට – වාහන එකලස් කිරීමේ කර්මාන්තයක් ඇරඹේ

ඉහළ පිළිගැනීමක් ඇති ඉන්දියානු බහුජාතික සමාගමක් ලෙසින් මහින්ද්‍රා සමාගම හොරණ මැතිවරණ කොට්ඨාශයේ දී වාහන එකලස් කිරීමේ නවතම කාර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසනවා.

කොළඹ දී පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට සමාගමක් සමග එක්ව එම ව්‍යාපාරය සිදු කරන බවයි.

“ඉහළ පිළිගැනීමක් ඇති ඉන්දියානු බහුජාතික සමාගමක් ලෙසින් මහින්ද්‍රා සමාගම මෙය ශ්‍රී ලංකාව තුළ ගනු ලැබූ ඉතා වැදගත් පියවරක්. මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳ මා ඉතා සතුටට පත්වෙනවා. මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමූහය අපට අමුත්තෙක් නොවෙයි. ශ්‍රී ලංකාව සමඟ ඉතා දිගු කාලීන බැඳීමක් ඔවුන්ට තිබෙනවා.

එසේම මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම ශ්‍රී ලංකාවේ සහකරු සමඟ එක්ව වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කරන්න පියවර ගෙන තිබෙනවා. හොරණ මැතිවරණ කොට්ඨාශයේ වැලිපන්න ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට ඔවුන් ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයක් සිදුකර තිබෙනවා. මා කැමතියි කියන්න, මෙම කර්මාන්ත ශාලාව මෙම අවුරුද්දේ ජූනි මාසයේ දී විවෘත කෙරෙනවා.“ යනුවෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙහිදී කියා සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *