මාලිනී ෆොන්සේකා, විජය සමග විවාහය නොවුන හැටි සංවේදී වෙමින් හෙලි කරයි

කඩවුණු පොරොන්දුව හරහා මෙරට හෙළ සිනමාව තුළ අති දැවැන්ත සන්නාමයක් තනමින් පිවිසි ඇය නමින් මාලනී ෆොන්සේකා.ඉන් පසුව හෙළ සිනමාව තුළ අති දැවැන්ත ආගමනයක් සිදු කරමින් චිත්‍රපටි අති විශාල ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දෙමින් මෙරට සිනමාව ඉහළම ස්ථානයකට පත්කිරීමට තරම් ඇය වාසනාවන්ත වුණා.

පසුගිය දිනකදී සරසවිය පුවත්පත විසින් ඇය සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කර තිබුණා.එහිදී අයගෙන් ඉතාමත් අපූරු ප්‍රශ්නයක් විමසා සිටියා.එම ප්‍රශ්නය තමයි විජය කුමාරතුංගයන් සමග එදා ඔබගේ විවාහය සිදු වුනා නම් කුමන ආකාරයේ වෙනස් කමක් සිදුව තිබේද යන්නයි.

ඉතින් ඊට පිළිතුරු වශයෙන් ඈ ලබාදී තිබුණේ මෙවැන්නක්.

” එහෙනම් ඉතින් ඒක අහන්න ඕන එක එක්කෙනාගෙන්.මොකද එහෙනම් ඒක වැළකෙන්න ගොඩක් හේතු තිබ්බ නිසා. එහෙම විවාහය සිදු වුනා නම් අපේ ජීවිත වල ලොකු වෙනස්කම් සිදු වෙන්න තිබුණා.මගේ රංගන ජීවිතය,විජය ගේ රංගන ජීවිතය,විජයගේ දේශපාලන ජීවිතය, මගේ පෞද්ගලික ජීවිතය,විජය ගේ පෞද්ගලික ජීවිතය බොහෝ ලෙසකින් වෙනස් වෙන්නට තිබුණා. නමුත් ඉතින් ඒක සිදුවුණේ සිදුවෙන්න ඕන විදියට.

ඒක වළක්වන්න කාටවත් බැහැ.

සාමාන්‍යයෙන් අපි දෙයක් ගැන කතා කරනකොට කරන කොට කතා කරන්න හොඳ නැති දේවලුත් තියෙනවා.විශේෂයෙන්ම දේශපාලනය වගේ මාතෘකා.අපේ රටේ දේශපාලන තත්ත්වය විජයට තදින්ම බලපෑවා. අපේ විවාහයත් වෙනස් වුණ නිසා. ඒක ඉතින් මගෙත් විජයගෙත් රටේත් දෛවය.”

ඉතින් මේ විදියට තමයි ඇය ඉතාමත් හැඟුම්බර වෙමින් අදහස් දක්වා සිටියේ.ඇයගේ ඉදිරි අනාගත වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *