මාලි රාජ්‍යයේ ගමකට අවිගත් ප්‍රහාරයක් – 130ක් පමණ මරුට

මාලි රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයේ ගම්මානයකට කඩා වැදුණු අවිගත් පිරිසක් විසින් ගම්වැසියන් 130ක් පමණ මරා දමා ඇතැයි වාර්තා වනවා.

මෙම ඝාතකයන් සාම්ප්‍රදායික ඩෝගොන් දඩයම්කරුවන්ගේ ඇඳුමින් සැරසී පැමිණි බවද ෆුලානි වාර්ගික කණ්ඩායම ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කර ඇති බවද සඳහන්.

මෙම ගම්මානය මොප්ටි කළාපයේ ඔගොස්සාගොව්හි පිහිටා ඇති අතර වෙඩි තැබීමෙන් සහ පිහි වලින් පහර දීමෙන් ගම්වැසියන් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඩොගොන් දඩයම්කරුවන් සහ ෆුලානි ගෝත්‍රකයන් අතර භූමිය සහ ජලය වෙනුවෙන් නිරතුරුවම ගැටුම් ඇතිවන බව සඳහන් වනවා.

කෙසේ වුවද ෆුලානි ගෝත්‍රිකයින් සඳහන් කරන්නේ මාලි යුධ හමුදාව ඩෝගොන් දඩයම්කරුවන්ට ආයුධ සපයන බවයි.

මේ අතර ෆුලානි ගෝත්‍රිකයන්ට ජිහාදි කණ්ඩායම් සමග සබඳතා පවතින බවට ද චෝදනා එල්ල වී ඇති අතර පසුගිය වසරේ ද මෙම කණ්ඩායම් දෙක අතර දරුණු සටන් ඇවිලුන අතර සියගනනක් මිය ගියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *