පස් දෙනකුගේ මළ සිරුරු මීගමුව රෝහලෙන් ගෙනගිය අයගේ තොරතුරු නැහැ

කටුවපිටිය ශු.සෙබස්තියන් මුනිතුමාගේ දේවස්ථානයේ බෝම්බ පිපිරීමෙන් ඝාතනයට ලක්වූ 84 දෙනකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ 21දා මීගමුව රෝහලේදී නිමා කර එම සිරුරු ඥාතීන්ට භාරදී

ඇත. එහෙත් සිරුරු 79ක් පමණ ඥාතීන් භාරගත් බවට රෝහලේ ලේඛනවල සඳහන්ව තිබේ. ඉතිරි සිරුරු පහ රෝහලින් පිටතට ගෙන ගොස් ඇති නමුත් ඒවා භාරගත් කෙනකුගේ කිසිදු තොරතුරක් නැතැයි මීගමුව රෝහල් පොලිසියට වාර්තා වී ඇත.

සිද්ධිය සම්බන්ධව මීගමුව රෝහල් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *