හොඳම ලැයිස්තුවේ සිසුවියන් පෙරටම – ප‍්‍රතිඵල විශ්ලේෂණය මෙතැනින් කියවමු

2018 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල ඊයේ රාත්‍රී (28) නිකුත් කෙරුණා.

විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා නිශ්චිත දින පවත්වාගෙන යාමට සහ එමඟින් ප්‍රමාදයකින් තොර ව නිසිකලට සියලු අපේක්ෂකයින් වෙත විභාග ප්‍රතිඵල ලබාදීමට පියවර ගැනීම සම්බන්ධ ව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය වසර කිහිපය තුළ විශේෂ අවධානය යොමු කරනු ලැබු බවයි අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය දා සඳහන් කළේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ පැවැත්වෙන සියලු විභාගවල ප්‍රතිඵල ප්‍රමාදයකින් තොරව වසරේ නිශ්චිත දිනයන්හි දී ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සෑම වසරක ම ඔක්තෝබර් මස 05 වැනි දින ලබාදීමට ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මාර්තු 28 දින ලබාදීමට ද, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 දින ලබාදීමට ද මේ වනවිට පියවර ගෙන අවසන්.

පසුගිය වසරේ දෙසැම්බර් මස 03 වැනි දා සිට 12 වැනි දා තෙක් දිවයින පුරා මධ්‍යස්ථාන 4661 ක මෙම විභාගය පැවැත්වුණා.

මෙවර විභාගයෙන් පළමු ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ නිලංකා දිසිවරී වරුෂවිතාන හිමිකරගෙන තිබෙනවා.

දෙවන ස්ථාන තුනක් මෙවර වාර්තා වන අතර කොළඹ විශාඛා විද්‍යාලයේ සචිති හංසදී ,ගම්පහ රත්නාවලී විදුහලේ සන්ජානි දිලේකා සහ මාතර සුජාතා විදුහලේ මින්දි රෙබෙකා එලෙස දෙවන ස්ථාන දිනා ගත්තා.

මෙවර ප්‍රථිපල අනුව හොඳම පිරිස අතරේ පෙරමුණ ගෙන සිටින්නේ සිසුවියන් වීම විශේෂත්වයක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *