පොඩි උන්ට තෑගි දෙන රයන්ගේ ඡායාරූප නිසා බුකියේ මත ගැටුම් – පියුමි හංසමාලිත් ඒ අතර

රංගන ශිල්පි රයන් වෑන් රෝවන් ඩුබායි සිට පැමිණ මේවන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

ඔහු ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් මිතුරු මිතුරියන් රැසක් සමාජ ජාල ඔස්සේ සතුට පළ කර තිබුණා.

පියුමි හංසමාලි රයන්ගේ ෆේස්බුක් ගිණුමේ “Beautiful-heart😍welcome back to Sri Lanka my buddy 😘😍 Ryan Van Rooyen god bless you’ යනුවෙන් සඳහන් කර තිබුණා.

එම සටහනේ ඡායාරූප සඳහා යොදාගෙන තිබුණේ මිට පෙර රංගන ශිල්පි රයන් වෑන් රෝවන් දරුවන් පිරිසක් සමග සිටින ඡායාරූප පෙළකුයි.

එයට විශාල පිරිසක් සිය අදහස් දක්වා ඇති අතර ඇතැමුන් සඳහන් කර ඇත්තේ “පරපුරක් නසන්න කුඩු ජාවාරම් කරලා ,පොඩි එවුන් ටිකකට තෑගි බෙදලා වැඩක් නෑ කියලා වැටහේවා” යනුවෙනුයි.

මේ අතර රයන් වෑන් රෝවන්ගේ නිවසේ තිබී හමුවූ තරාදිය සම්බන්ධයෙන් ද ඇතැමුන් ප්‍රශ්න කර ඇති අතර ඊට පිළිතුරු ලෙස තරාදියේ කාඩ්බෝඩ් ආවරණයේ ඡායාරූපයක් පෙන්වමින් රයන්ගේ සොහොයුරිය පෙන්වා දී ඇත්තේ එය මත්ද්‍රව්‍ය කිරණ තරාදියක් නොවන බවයි.

අදාළ ෆේස්බුක් සටහන් පහතින් කියවිය හැකියි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *