පූනම් පාන්ඩේ ජීවතුන් අතර – මියගිය කතාව ‘පිළිකා පණිවිඩයක්‘ සඳහා කළ රංගනයක්

ගැබ්ගෙල පිළිකාවකින් මියගිය බවට ඊයේ (02) දිනයේ වාර්තාවූ ඉන්දීය මෝස්තර නිරූපිකාවක් හා රංගන ශිල්පිනියක් වන පූනම් පාණ්ඩේ තමන් ජීවතුන් අතර සිටින බව ප්‍රකාශ කර තිබේ.

අද (03) සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ වීඩියෝ පටයක් පළ කරමින් ඇය සඳහන් කර ඇත්තේ සිදුවූ හිත් රිදවීම පිළිබඳව කණගාටුව පළ කරන බවය.

පූනම් පාණ්ඩේ මියගිය බවට ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමක ඊයේ සටහනක් තබා තිබූ අතර ඒ බව සැලවීමත් සමග රංගන ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් ශෝකය පළ කර තිබුණි.

කෙසේවෙතත් තමා ජීවතුන් අතර සිටින බව අද වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති පූනම් පාණ්ඩේ ගැබ් ගෙල පිළිකා රෝගය පිළිබඳව සමාජයේ අවධානය යොමු කිරීම තම අරමුණ වූ බව පෙන්වා දී තිබේ.

තම මරණය සම්බන්ධයෙන් සිදුකළ අසත්‍ය ප්‍රචාරය හරහා එම අරමුණ සාර්ථක කරගැනීමට හැකිවූ බව ඇය සඳහන් කර ඇත.

කෙසේවෙතත් ඇයගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදය පළවෙමින් පවතින බව සඳහන් ‍වේ.

මතභේදාත්මක ප්‍රකාශ පළ කරමින් සමාජ මාධ්‍යයේ ප්‍රචලිත වු අයෙකු ලෙස පූනම් පාණ්ඩේ සැලකේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *