කාන්තා යට ඇඳුම ගැන ‘අගමැති රනිල් ‘කාන්තාවන් රැසක් සිටියදීම කී කතාව

බිංගිරිය අපනයන සැපයුම් කලාපයේ වැඩ ආරම්භ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (04) සිදු කළ ප්‍රකාශය ගැන ඇගළුම් ක්ෂේත්‍රයට සම්බන්ධ කාන්තාවන් හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කාන්තා සංවිධාන කිහිපයක් හෙළා දැක තිබෙනවා.

“කාන්තාවන්ට හොඳම ජංගි ලෝකයේ අද හදන්නේ ලංකාව. වික්ටෝරියා සීක්‍රට් එකෙන් අහන්න ඔය ජංගි ටික කොහෙන්ද එන්නේ කියල? කාන්තාවන් දන්නවා.” යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (04) බිංගිරිය අපනයන සැපයුම් කලාපයේ වැඩ ආරම්භ කරමින් සඳහන් කළා.

ඊයේ පස්වරුවේ පැවති උත්සවයේදී අගමැතිවරයා මෙසේ පැවසුවේ ඉතා සැහැල්ලුවෙන්, සිනහ මුසු ස්වරයකින් වන අතර කාන්තාවන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

එය කාන්තාවන් හෑල්ලුවට ලක් කිරීමක් ලෙසින් විග්‍රහ කරන ඇතැම් කාන්තා සංවිධාන එම ප්‍රකාශය හේතුවෙන්, විශේෂයෙන් ඇගළුම් ක්ෂේත්‍රයේ නිරත කාන්තාවන් අපහසුතාවයට පත්වන බවයි බිබිසි සිංහල වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ.

අගමැතිවරයාගේ මේ ප්‍රකාශය තරයේ හෙළා දකින බව කාන්තා අයිතීන් සහ කාන්තාවන් දිරිගැන්වීම වෙනුවෙන් කටයුතු කරන සවිස්ත්‍රී කාන්තා සංවිධානය ද සඳහන් කර තිබෙනවා.

සවිස්ත්‍රී කාන්තා සංවිධානයේ පද්මා පුෂ්පකාන්ති බීබීසී සිංහල සේවය සමග කියා ඇත්තේ , ආයෝජන කළාපවල කාන්තාවන්ගේ ශ්‍රම සූරා කෑමට අමතරව රටේ පාලකයා ඒ කාන්තාවන් හැල්ලුවට ලක් කිරීමට ද පටන් ගෙන ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *