චිචීගේ පූසා අතුරුදන් වෙයි – සොයා දෙන අයෙකුට විශාල ත්‍යාගයක්

තමන් සුරතලයට ඇති කළ, සුරතල් පූසා අතුරුදන්ව ඇති බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍ රෝහිත රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්.

බැද්දගානේ ඔහුගේ නිවසේ සිටි මෙම ඉහළ වටිනාකමකින් යුතු මෙම පුසා සොයා දෙන අයෙකුට විශේෂ තෑග්ගක් පිරිනැමීමට ද රාජපක්ෂ පවුල තීරණය කර ඇති බව සඳහන්.

ඡායාරුපයේ සිටින, එම බළලුන් අයත් වන්නේ Turkish Angora වර්ගයටයි.

Turkish Angora යනු එකල මධ්‍යම ඇනටෝලියාවේ (වර්තමානයේ තුර්කිය, අන්කාරා කලාපය) ආරම්භ වූ පෞරාණික, ස්වාභාවික බළලුන් විශේෂයක් වනවා.

17 වන සියවස තරම් ඈතකදීත් මෙම වර්ගය අභිජනනය කළ ලේඛන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අභිජනන බළලුන් Angora හෝ Ankara බළලුන් ලෙසද හැඳින්වෙනවා.

බ්‍රිතාන්‍ය හා ඇමරිකානු බළලුන් ඇති කරන්නන් විසින් පර්සියානු බළලා Turkish Angora විකෘති වලින් වර්ධනය කරන ලද බව ද සඳහන්.

Turkish Angora බළලාගේ මිල සාමාන්‍යයෙන් ඩොලර් 900-1500 අතර වනවා.

එහෙත් උසස් පෙළපත, සම්මත ශරීර අනුපාතය, ලස්සන වර්ග සහ ප්‍රසිද්ධ අභිජනන ගොවිපලවල් වලින් එන Turkish Angora පූස් පැටවුන්ට ඩොලර් 1800 සිට ඩොලර් 3000 දක්වා ඉහළ මිලකට අලෙවි වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *