සල්ලි නොදුන් නිසා ජනෙල් පඩියෙන් ගසා නායක හිමියන් ඝාතනය කරලා

මුදල් ඉල්ලූ විට නොදීම නිසා කේන්ති ගොස් ජනෙල් පඩි කඳෙන් නායක හිමියන්ගේ හිසට පහරදුන් බව රොටුවේ චන්දානන්ද හිමියන්ගේ ඝාතකයා පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.

පිංදෙනිය පොලිස්‌ වසමේ ඇපලකොටුව ශ්‍රී විවේකාරාමයේ වැඩ විසූ වයස අවුරුදු 88 ක්‌ පමණ වූ විහාරාධිපති රොටුවේ චන්දානන්ද හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සඳහන් කර ඇත්තේ රුපියල් දසදහසක්‌ ඉල්ලු විට කලින් ගත් රුපියල් පන්දහස නොදුන් නිසා මුදල් දීම උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ බවයි.

“මම කලක සිට මෙම හාමුදුරුවෝ ඇසුරු කරනවා. මම එදින අඳුර වැටීගෙන එන මොහොතේ පංසලට ගියා. මම එදා ගිහින් හාමුදුරුවන්ගෙන් රුපියල් දසදහසක්‌ ඉල්ලුවා. කලින් ගත්තු රුපියල් පන්දහස නොදුන් නිසා සල්ලි දෙන්න බෑ බැහැපන් එළියට කීවා. අපි දෙන්නා අතර බහින් බස්‌වීමක්‌ ඇතිවුණා. හාමුදුරුවෝ ඇඳේ හාන්සි වී සිටියා. මාව ගණන් ගත්තෙත් නෑ. මටත් තරහ ගියා. මම එතන බිම ගලවා දමා තිබුණ පරණ ජනෙල් පඩිකඳක්‌ උස්‌සල හාමුදුරුවන්ගේ ඔළුවට දෙපාරක්‌ ගැහුවා. හාමුදුරුවෝ කතා කළේ නෑ. ජනෙල් පඩිකඳේ ලේ තැවරී තිබුණා. මම එළිය ඉස්‌සරහ කාමරය පැත්තට ගෙනිහින් දැම්මා. ඉස්‌සරහ දොරේ ඉබ්බා සහ යතුර අතට අරගෙන මේන් ස්‌විච් එකෙන් ලයිට්‌ නිමුවා. ඉස්‌සරහ දොරට ඉබ්බා දමල මම එතනින් කළුවරේම පිට වී බස්‌ පාරට ආවා.” යනුවෙන් මෙම පුද්ගලයා සඳහන් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *