තවුහීඩ් ජමාත් නායකයාගේ බිරිඳ සහ දරුවා රෝහලේ ?

කල්මුණේ මෙහෙයුමේදී දිවි ගලවාගත්තේ ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ නායකයා මෙන්ම මෙරට අයි.එස්. අනුගාමිකයන්ගේ ප්‍රධානියා ද වන සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දරුවා බවට සැක මතුව තිබෙනවා.

විමර්ශනය මෙහෙයවන පොලිස් නිලධාරීන් පවසන්නේ එම කාන්තාව සහ දරුවා මේ වනවිට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

පෙරේදා රාත්‍රියේ කල්මුණේ සයින්දමරුදු නින්දවූර් ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා.

එම අවස්ථාවේදී නිවසක් තුළ පිපිරීම් සිදුවූ අතර, එහිදී ත්‍රස්තවාදීන් ඇතුලූ 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මෙම සිද්ධියෙන් පසු ඊයේ දහවල් පිපිීරීමෙන් විනාශයට පත්වූ නිවස තුළ ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී හය හැවිරිදි මෙම කුඩා දරුවා සහ කාන්තාව හමුවුණා.

තුවාල ලබා සිටි ඔවුන් ආරක්ෂක අංශ විසින් රෝහල් ගතකළ අතර, මේ වනවිට සිදුකරන විමර්ශනවලට අනුව මොවුන් දෙදෙනා සහරාන්ගේ බිරිඳ සහ දරුවා බවට අනුමාන කෙරෙන බවයි උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *