චිත්‍රපට නළු සරත් නාමල්ගම සමුගනී

චිත්‍රපට නිර්මාණකරවෙකු හා නළුවෙකුවූ සරත් නාමල්ගම මහතා ඊයේ (13) අභාවප්‍රාප්ත විය. හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන් කලුබෝවිල රෝහලට ඇතුළත් කරන ලදුව
ඊයේ දහවල් ඔහු මියගිය බව වාර්තා විය.

මියයන විට 59 වන වියේ පසුවූ ඔහු දොරකඩ මාරාව(1998), කලු සුදුමල් (2002) ඇතුළු චිත්‍රපට කිහිපයක රඟපෑවේය. ඔහු රෝස පැටික්කී (2002) ඇතුළු චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනයටද දායක විය.

ඔහු නිර්මාණය කළ සුසන්තිකා ජයසිංහගේ ජීවිත කතාව ඇතුළත් ‘සුසී’ චිත්‍රපටය නීතිමය ගැටලු නිසා තිරගත නොවීය. ටෙලි නාට්‍ය ගණනාවකද ඔහු රඟපෑවේය.

පසුගිය කාලයේ ‘හීල් ඇන්ඩ් ෆීල්’ නමැති සුබසාධන වැඩසටහනට දායක වෙමින් වැඩිහිටි නිවාස වල කල්ගෙවන වැඩිහිටියන් සතුටු කිරීමේ සමාජ සේවා කටයුත්තට දායක වෙමින් සිටියේය.

සරත් නාමල්ගම මහතා කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි සිසුවෙකි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *