අනුරපුර පූජනීය ස්ථානවලට ‘ප්‍රහාරයක් දියත් කිරීමේ සැළසුමක්’ පිළිබඳ සැකයක්

ගම්පොළදී අත්අඩංගුවට ගත් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ත්‍රස්තයන් දෙදෙනා අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය ඇතුළු පූජනීය ස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළේදැයි සැක මතුව තිබෙනවා.

සිම්පතක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා සිටින ස්ථානය අනාවරණය කරගත් අතර ඔවුන් අනුරාධපුර පූජා නගරයේ හෝටල් කාමරයක් කුලියට ගැනීමටද උත්සාහ දරා ඇති බව ආරක්ෂක අංශ සඳහන් කළා.

එලෙස ඔවුන් පූජා නගරයේ කාමරයක් කුලියට ගැනීමට උත්සාහ කළේ ශ්‍රී මහ බෝධිය හෝ පූජනීය ස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළේද යන්න ආරක්ෂක අංශ වෙත සැක මතු වී තිබෙනවා.

මොහොමඩ් ඉබ්‍රහහිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉබ්‍රහහිම් ශාහිඩ් අබ්දුල්හක් නමැති මෙම සැකකරුවන් දෙදෙනා සැඟවී සිටින ස්ථානය ගැන අනුරාධපුර මූලස්ථාන පොලිසිය ගම්පොළ පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම පෙරේදා (28දා) සිදු කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *