ලංකාවේ පවුල් 50කින් ‘එක පවුලක’ කුඩුකාරයෙක්

මත්කුඩුවලට ඇබ්බැහි වුණු පුද්ගලයන් වසරකට ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී රත්නායක මහතා පවසනවා.

පසුගිය වසරේ 98,743ක් මත්කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“මේ ගෙවුණු මාස දෙකට පමණක් 8,847 දෙනෙක් ඇල්ලුවා කියලා මම දැක්කා. වසරකට ලක්ෂයක් මත්කුඩුවලට ඇබ්බැහි වුණු කුඩ්ඩෝ ප්‍රමාණයක් රටේ ඉන්නවා. ඒ කියන්නේ රටේ සෑම පවුල් 50කටම එක පවුලක කුඩ්ඩෙක් ඉන්නවා. අවුරුදු 71ක් අපි ශ්‍රී ලංකා – එජාප ආණ්ඩුවලට බලය දීලා හදලා තියෙන්නේ එහෙම රටක්. නමුත් කියුබාවේ 122කට එක වෛද්‍යවරයෙක්, කියුබාවේ ජනගහනයෙන් සෑම 180කටම වෛද්‍යවරයෙක් හදනවා. කියුබාවේ ජනගහනයෙන් 122කට ඉන්ජිනේරුවක් හදනකොට අපේ රටේ පවුල් 50කට එක කුඩුකාරයෙක් හදනවා. මේ වෙනස තමයි සමාජවාදය හා ධනවාදය අතර වෙනස “යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී රත්නායක පෙන්වා දෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *