අපට බලහත්කාරයෙන් ණය ලබාගැනීමේ අවශ්‍යතාවයක් නෑ – සහන් ප්‍රදීප්

ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන කොන්දේසි වලට යටත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදෙන්නේ නම් ලබා ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.

”ණය ලබාගැනීම එදා ඉඳන්ම සිද්ධ වුණා. අපට බලහත්කාරයෙන් ණය ලබාගැනීමේ අවශ්‍යතාවයක් නෑ. අපි ලංකාවෙන් දාන, අපි ආණ්ඩුවෙන් දාන්න බලාපොරොත්තු වෙන කොන්දේසිවලට යටත්ව ණය දුන්නොත් ගන්න අපි සූදානම්. හැබැයි IMF එකෙන් දාන දැඩි කොන්දේසි පිළිඅරගෙන ණය ගන්න අපි සූදානම් නෑ”

අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය විසින් කළ විමසීමකදී ඔහු මෙසේ කියා සිටියේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *