වඳවී ගියා යැයි සිතූ යෝධ මී මැසි විශේෂය යළිත් හමුවේ

වඳවී ගියා යැයි සිතූ යෝධ මී මැසි විශේෂයක් වසර 38 කට පසු යළි සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා පවසනවා.

‘මෙගාචිලී ප්ලූටෝ’ යන විද්‍යාත්මක නාමයෙන් මෙන්ම ‘වොලන්ස්ගේ යෝධ මී මැස්සා’ යන පොදු නාමයෙන් ද හැඳින්වෙන මෙම මී මැස්සා සෙන්ටි මීටර් 3.8 ක් පමණ විශාලයි.

‘වොලන්ස්ගේ යෝධ මී මැස්සා’ යනුවෙන් මේ මී මැස්සා හැඳින්වෙන්නේ බ්‍රිතාන්‍ය ස්වභාවවාදියකු වන ඇල්ෆ්‍රඞ් රසන් වොලස් විසින් මේ මී මැස්සන් පළමුවෙන් ලොවට හඳුන්වා දුන් නිසායි.

අවසන් වරට මෙවැනි මී මැස්සන් දකින්න ලැබී ඇත්තේ 1981 වසෙර්ය. මෙම මී මැස්සකු සාමාන්‍ය මී මැස්සකු මෙන් තුන් ගණයකින් විශාල වන අතර තද කළු වර්ණයක් ගනු ලබනවා.

මෙම යෝධ මී මැස්සා සොයා ගැනීමට හැකි වී ඇත්තේ ඉන්දුනීසියාවට අයත් මොලුක්කාස් නැමති දූපතේ වනාන්තරයකින් යැයි ද පැවැසෙයි. මී මැස්සන් සොයා ගැනීම කළේ ඕස්ටේලියා, ඇමෙරිකා සහ කැනඩා විද්‍යාඥයන් පිරිසක් වනාන්තරයේ කළ ගවේෂණයකදීයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *