කඳානේ මාලු ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි

කදානේ මාළු ව්‍යාපාරිකයකුගේ නිවසට අද (05) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලීසිය පැවසුවේ කදාන, පොල්පිතිමුකලානේ පදිංචි මාළු ව්‍යාපාරිකයකු වන එච්. සුජිත් රෝහිත පෙරේරා යන අයගේ නිවසට ඩියෝ වර්ගයේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙලෙස වෙඩි තබා පලා ගොස් ඇති බවයි.

වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ මාළු ව්‍යාපාරිකයාගේ බිරිද හා දරු දෙදෙනා නිවස තුළ සිට ඇති අතර වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදු වී නොමැත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කදාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *