ෂාෆ්ටර්ගේ වමන සාම්පලයේ සයනයිඩ් තිබූ බවට සටහනක් නෑ

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඇඳුම්වල තැවරී තිබුණු වමන සාම්පලයේ සයනයිඩ් තිබූ බවට රස පරීක්ෂක වාර්තාවේ කිසිදු සටහනක් නොමැති බව අනාවරණය වී තිබේ.

මේ බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ ප්‍රකාශ කළේය.

අධිකරණ වෛද්‍ය රැල්හක් විසින් මෙම මරණය සයනයිඩ් විෂ වර්ගයක් ශරීරගත වීමෙන් සිදුවූවක් බවට සඳහන් කර තිබුණු බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ මරණකරුගේ ඇඳුම් පැලඳුම් පරීක්ෂා කිරීමේදී මෙවැනි කිසිදු සයනයිඩ් වර්ගයක් හමු නොවුණු බවට රස පරීක්ෂක වාර්තාවේ සඳහන් බවයි.

මේ නිසා ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කර ගත්තා ද? නැත්තම් ඝාතනය කළා ද? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩල කමිටුවේ අවධානයට යොමු කරවන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *