කැනඩාවට ළඟදි ගිය දර්ශනී දරුවන් සිව්දෙනා ඇතුළු 06 ක් මරා දැමුවේ නිවසේ සිටි කොලු ගැටයෙක්

ශ්‍රී ලාංකික වැඩිහිටියන් දෙදෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකු ඝාතනය කළ ඔටාවා නිවසේ ‘සමූල ඝාතනයේ’ වැඩිවිස්තර මේ වනවිට කැනඩාවේ මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ.

මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ කැනඩාවට ළඟදී පදිංචියට ගිය පවුලක දර්ශනී දිලන්තිකා ඒකනායක (35) යන මව සහ ඇයගේ දරුවන් සිව් දෙනාත් ගාමිණී අමරකෝන් (40) යන තවත් පිරිමි පුද්ගලයෙකි. මියගිය දරුවන් වයස අවු. 7 (පිරිමි) , අවු. 4 (ගැහැණු) , අවු. 2 (ගැහැණු) හා මාස 02 1/2 (ගැහැණු) යන වයස්වල පසුවන්නන්ය.

මෙම ඝාතන සිදු කර ඇත්තේ මෙම නිවසේම පදිංචිව සිටි බව කියන 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති ශ්‍රී ලාංකික තරුණයකු බව පැවසේ.

ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඔහුගෙන් දිවි බේරාගෙන දැනට බරපතල තුවාල ලබා රෝහල්ගතව පසුවන මියගිය දර්ශනීගේ සැමියා (වික්‍රමසිංහ) පවසා ඇති තොරතුරු අනුව ඝාතන සිදුකර ඇත්තේ කුඩා පිහියකින් ඇනගෙන ඇනගෙන යාමෙනි.

මෙලෙස ඝාතන සිදුකරන්නට හේතුව තවම පැහැදිලි නැති අතර 19 වයසේ තරුණයාට ඇතිවූ කිසියම් ක්ෂණික කෝපයක් මත ඝාතන සිදුකරන්නට ඇතැයි අනුමාන කෙරේ. සැකකරු පවුලේ අය සමඟ මීට පෙර කිසිදු සම්බන්ධයක් නොතිබූ බවද පොලිසිය කියයි.

19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ශිෂ්‍යයෙකු ලෙස කැනඩාවේ වීසා ලබා ඇති ශ්‍රී ලාංකිකයෙකු බව පොලිසිය පවසයි.

ද සොයිසා ද එම පවුලේ හඳුනන අයෙකු බවත් ඝාතනය සිදුවන අවස්ථාවේ එම නිවසේ පදිංචිව සිට ඇති බවත් පොලිසිය පවසයි. ඔටාවා නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 15ක් පමණ දකුණින් එම ස්ථානයේදීම ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය අය අතර කම්පන සහගත මරණය මාස දෙකහමාරක් වන කෙලී නමැති දැරියයි. මෙම දැරිය පමණක් ඉපදුනේ කැනඩාවේ නමුත් අනෙක් අය ලංකාවේ ඉපැදුණ දරුවන් බවත් කිසිවෙකු කැනඩා පුරවැසිකම නොලද අය බවත් පැවසේ.

පවුලේ බාල දියණිය කැනඩාවේ උපත ලැබූ නමුත් පවුලේ සාමාජිකයන් විවිධ වේලාවන්හි පැමිණ ඇති බව පොලිස් ප්‍රධානී අනාවරණය කළේය.

පවුල ලංකාවෙන් මෑතක සංක්‍රමණය වූ අය බව පොලිසිය පැවසීය. මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිසිය තහවුරු කළේ මෑත කාලයේ සිදුවූ විශාලතම ඝාතන සිදුවීම මෙය බවයි.

මහකොමසාරිස් කාර්යාලය තහවුරු කළ තොරතුරු අනුව ඝාතනයට ලක්ව ඇත්තේ දර්ශනී දිලන්තිකා ඒකනායක (35) යන මව සහ ඇයගේ දරුවන් වන හත් හැවිරිදි පිරිමි දරුවා ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි දියණිය අශ්විනි, අවුරුදු දෙකේ රිනයානා සහ මාස දෙකහමාරක් වයසැති කෙලීය.

හයවැනි පුද්ගලයා වන අමරකෝන් මුදියන්සේලාගේ ගාමිණී අමරකෝන් (40) ද මිය ගොස් ඇත. මියගියදර්ශනීගේ සැමියා තුවාල ලබා ඉක්මනින්ම රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු බරපතල නමුත් ස්ථාවර තත්ත්වයක පවතින බව එරට මාධ්‍ය දන්වා ඇත.

ඔටාවා පොලිස් ප්‍රධානී එරික් ස්ටබ්ස් වාර්තාකරුවන්ට පැවසුවේ “මෙය තනිකරම අහිංසක මිනිසුන්ට සිදු කරන ලද අඥාන ප්‍රචණ්ඩ ක්‍රියාවකි.”

සියලුම ඝාතන සහ තුවාල සඳහා “පිහියක් වැනි වස්තුවක්” භාවිතා කර ඇති බව ඔහු තහවුරු කළේය. “ඛේදජනක හා සංකීර්ණ” පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි .

මියගිය දර්ශනී දිලන්තිකා ඒකනායක කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ උපාධිධාරිනියක වන අතර ඇය පුද්ගලික අංශයේ කළමනාකාරණ සහායක රැකියාවක් කරමින් සිටියදී සිවුවන දරුවා ලැබන්නට පෙර මෑතකදී පවුල සමග කැනඩාවට සංක්‍රමණයවී ඇති බව පැවසේ.මෙම නිවස පාසල් දෙකක් ආසන්නයේ පිහිටා ඇති අතර දරුවන් ආසන්න කතෝලික පාසලක ඉගෙනුම ලබමින් සිටි බව පැවසේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *