රිෂාඩ් වෙනුවෙන් 40ක් පෙනී ඉදියි

රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා මොනවාදැයි මැතිසබයට වහාම දැනුම් දෙන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකට ලිපියක් යොමුකර ඇත.

හතළිස් දෙනෙකුගෙන් සමන්විත වන එම පිරිසගේ අත්සන් සහිත එම ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලබා දී ඇත.

ඔහුට විරුද්ධව චෝදනා ඇති නම් වහාම නඩු පවරන්නැයිද එසේ නැතිනම් වහාම නිදහස් කිරීමට කටයුතු කරන්නැයිද එම ලිපිය මගින් ඉල්ලා ඇතැයි පැවසේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *