ඇන්ජලෝ සහ අකිල කණ්ඩායමට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී අද (16) පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

අද තරගය සඳහා ඇන්ජලෝ පෙරේරා සහ අකිල ධනංජය කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වනවිට කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් ලබා සිටිනවා.

එක්දින තරග 5 කින් සමන්විත තරගාවලියේදී දකුණු අප්‍රිකාව 4-0 ක් වශයෙන් ඉදිරියෙන් සිටිනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *