චමරි ලකුණු 1000 ඉක්මවයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු විසින් මෙවර කාන්තා බිග් බෑෂ් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඇය වෙනුවෙන් ‘චමරි බේ’ ලෙස සිඩ්නි ක්‍රීඩාංගණයේ විශේෂ ආසන කලාපයක් නම් කළ ඊයේ (26 වැනිදා) දිනයේදීම කාන්තා බිග් බෑෂ් තරග ඉතිහාසයේ ලකුණු 1000 කඩයිම පසුකිරීමට චමරි අතපත්තු සමත් වූවාය.

ඇය එම සුවිශේෂී කඩඉම පසු කළ ඊයේ පැවැති සිඩ්නි තන්ඩර් සහ සිඩ්නි සික්සර්ස් අතර තරගය චමරි ක්‍රීඩා කළ 50වන කාන්තා බිග් බෑෂ් තරගයද වීම විශේෂත්වයකි.

ඒ අනුව මේ දක්වා කාන්තා බිග් බෑෂ් ඉතිහාසයේ තරග 50ක් සඳහා ක්‍රීඩා කර ඇති චමරි එහිදී රැස්කර ඇති ලකණු ගණන 1022කි. මේ සඳහා අර්ධ ශතක 7ක් ඇතුළත් වන අතර පන්දු යැවීමෙන් කඩුලු 13ක් දවා ගැනීමටද ඇය සමත් වූවාය.

කාන්තා බිග් බෑෂ් තරගාවලියේ 2023 අදියර පුරා සිය අණසක පැතිරවූ චමරි මේ වන විට ඉනිම 13කදී ලකුණු 511ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයේ පසු වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *