ඊයේ රාත්‍රියේ චෙන්නායි සුපර් කිංග්ස් පෙරමුණටම පැමිණි අයුරු (PHOTOS)

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් අතර චෙන්නායිහිදී ඊයේ (9 ) පැවැති තරගය කඩුලු 7 කින් ජයගැනීමට චෙන්නායි පිල සමත් වුණා.

පැවැති තරග 6 න් 5 ක් ජයගත් චෙන්නායි පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වනවා.

ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි පිල ඕවර 17.2 කදී කඩුලු 3 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජය ගත්තා.

ෆෆ් ඩුප්ලෙසීස් පන්දු 45 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු නොදැවී ලකුණු 43 ක් රැස්කරමින් චෙන්නායි පිල ජයග්‍රහණය කරා රැගෙන ගියා.

කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනී පළමුව පන්දුවට පහරදීමට කොල්කටා පිලට ආරාධනා කළ අතර ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 108 ක් පමණයි.

හුදකලා සටනක නිරතවූ ඇන්ඩි්‍ රසල් පන්දු 44 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට සමත් වුණා.

දීපක් චහර් ලකුණු 20 කට කඩුලු 3 ක්ද හර්බජන් සිං සහ, ඉම්රාන් තහීර් කඩුලු 2 බැගින් දවාගනිමින් කොල්කටා පිලේ පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්කම් දක්වනු ලැබුවා.

කොල්කටා නයිට්රයිඩර්ස් – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 108
(ඇන්ඩි්‍ර රසල් නොදැවී 50, දීපක් චහර් 20/3, හර්බජන් සිං 15/2, ඉම්රාන් තහීර් 21/2)

චෙන්නායි සුපර් කිංග්ස් – ඕවර 17.2 කදී කඩුලු 3 ක් දැවී 113
(ෆෆ් ඩුප්ලෙසීස් නොදැවී 43, අම්බති රයිදු 21, සුනිල් නරේන් 24/2)

 

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *