පොලිස්පති සමග හිටපු ආරක්ෂ ලේකම් අධිකරණයට කැඳවයි

පොලිස්පති සමග හිටපු ආරක්ෂ ලේකම් අධිකරණයට කැඳවයි හමුවේ පෙනී සිටින්නැයි අද අධිකරණය නියෝග කර ඇත.

වැල්ලවත්තේ පදිංචි සමන් නන්දන සිරිමාන්න යන අය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී අධිකරණය එම නියෝගය නිකුත් කළ අතර අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු ලැබුවේ, ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.

තම දියණිය හා පුත්‍රායා පසුගිය 21 වන දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය බවත් ඒකි ත්‍රස්තවාදි ප්‍රහාරය ඒල්ල වී ඇත්තේ එය වැළැක්වීමට පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා නිසි පියවර නොගැනීම නිසා බවත් පෙත්සම්කරු අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව ඒම පෙත්සම අද(08) කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා අධිකරණයට පෙන්වා දී ඇත්තේ වග උත්තරකාර පූජිත් ජයසුන්දර මහතා හෝ හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පෙනී නොසිටින බව වන අතර ඒ අනුව ඔවුන්ට නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියෝග කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *