මෙවර ලෝක කුසලානයේ තරඟාවලියේ වීරයා සටනේ ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩකයන් 5 දෙනා මෙන්න

මෙවර ලෝක කුසලානය බොහොම තරඟකාරී මට්ටමින් දිග හැරෙන්නට සමත් වුණු තරඟාවලියක්. මෙහිදී පෞද්ගලික දක්ෂතා මට්මටමිනුත් බොහෝ ක්‍රීඩකයන් කැපී පෙනෙන්නට සමත්වුණා. ඒ දක්ෂයින් අතරිනුත් අති දක්ෂයා අවසන් තරඟයේදී තරඟාවලියේ වීරයා හැටියට කිරුළු පළඳින්න නියමිතයි.

මේ වන විට එම කිරුළට සුදුස්සන් හැටියට ක්‍රීඩකයන් 5 දෙනෙක් ඉදිරියෙන්ම සිටිනවා. එනම් ඉන්දියාවේ රෝහිත් ෂර්මා, ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක්, එංගලන්තයේ ජොෆ්‍රා ආර්චර්, බංග්ලාදේශයේ ෂකීබ් අල් හසාන් සහ නවසීලන්තයේ කේන් විලියම්සනුයි.

රෝහිත් ෂර්මා ඉනිම 9කදී ශතක 5ක් සම​ග ලකුණු 648ක් රැස් කරමින් තරඟාවලි​යේ වැඩිම ලකුණු ලාභියාව සිටිනවා. ෂකීබ් අල් හසාන් ලකුණු 606ක් සමගින් කඩුලු 11ක් දවාගෙන තිබෙනවා. මිචෙල් ස්ටාර්ක් කඩුලු 27ක් දවා ගනිමින් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියාව සිටිනවා. එහි 3 වැනි ස්ථානය හොබවන ජොෆ්‍රා ආර්චර් ලබාගෙන ඇති කඩුලු ප්‍රමාණ​ය 19ක්. නවසීලන්ත නායක කේන් විලියම්සන් ලකුණු 548ක් සහ කඩුලු 2ක් ලබාගෙන සිටින අතර ඔහුගේ නායකත්වයේ දස්කමුත් කැපී පෙනෙනවා.

මේ අතරින් කා හට තරඟාවලියේ වීරයා සම්මානය හිමිවෙයිද? ඔබේ තේරීම ගැනත් අපට කියන්න.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *