සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත් (Photos)

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න තිස්සහේවාවසම් මහතා විසින් පවත්වනු ලබන වෙසක් භූමිතෙල් දන්සැල 20 වරට මෙවර පැවැත්විණ .

සාධාරණ ස්ටෝර්ස් ඉදරියේ සිට රිදීමාලියද්ද රිටිගහඅරාව ශ්‍රී වජිරවංශ ධර්මාශ්‍රමය දක්වා භූමිතෙල් බැරල් ප්‍රවාහණය කිරීම සිදුවූයේ ලොරි රථයකිනි.

මෙහිදී රිටිගහඅරාව, බලදංගොල්ල , මකුලේමඩ, ඌරාකොට, උඩයාය සහ උකුරැස්සකැටිය යන ගම්මාන වල අඩුආදායම් පවුල් 400 කට මෙහිදී භූමිතෙල් ලබාදුන්නේය. මේ අවස්ථාවට ධර්මාශ්‍රමාධිපති මාවනාගම ගුණරත්න හිමියෝද සහභාගිවූහ.

ඊට අමතරව දිවයිනේ දිස්ත්‍රික් 15 දුෂ්කර විහාරස්ථාන 114 ක විදුලිය බිල ගෙවන ඔහු මේ වන විට විදුලිය බිල් ගෙවූ බිල්පත් වන බර කිලෝ 15 කි .

රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් මේ සඳහා වැය කර තිබේ. තමා සාධාරණය උපයන මුදල් මෙසේ පුන්‍යමය කටයුතු සදහා වැය කරන බව ඔහු පවසන්නේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *