ගංවතුරෙන් හානි වී ඇති සියලුම මාර්ග පිළිසකර කිරීමට ජනපතිගෙන් උපදෙස්

ගංවතුරෙන් හානි වී ඇති සියලුම මාර්ග පිළිසකර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා

එමෙන්ම පවතින අයවැය ප්‍රතිපාදන උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු සියලුම අධිවේගී මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන ලෙසත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ජනාධිපතිවරයා පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ

ඊයේ (10) එම නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දී ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *