ජැෆ්නා ස්ටැලියන්ස් අපරාජිත වාර්තාව බිඳ වැටේ

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම රැකගෙන සිටි අපරාජිත වාර්තාව බිද දමන්නට කලම්බෝ කිංග්ස් කණ්ඩායමට  හැකියාව ලැබුණා.

ඒ තරඟාවලියේ 11 වන තරඟය ලෙස ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව අද  පැවති තරඟය කඩුලු 06කින් ජය ගනිමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ කිංග්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 148ක්.

එහිදී කලම්බෝ කිංග්ස් පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලි පන්දු යැවීම හමුවේ ස්ටැලියන්ස් පිතිකරුවන්ට සාර්ථක වන්නට අවස්ථාව නොලැබී ගියා.

ස්ටැලියන්ස් ඉනිම ලකුණු 148ක් දක්වා ඉහළට ඔසවා තබන්නට වනිදු හසරංග තනිව සටනක යෙදුනු අතර ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 41ක්.

අවිශ්ක  ප්‍රනාන්දු සහ මිනෝද් භානුක පිළිවෙලින් ලකුණු 26ක් සහ 21 බැගින් රැස් කළ අතර පන්දු යැවීමේදී කේයස් අහමඩ් කඩුලු 03ක් සහ දුෂ්මන්ත චමීර කඩුලු 02ක් බිද දැමුවා.

ඒ අනුව ජයග්‍රගණය සඳහා ලකුණු 149 ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කලම්බෝ කිංග්ස් පිළ එම ඉලක්කය පන්දුවාර 19යි පන්දු දෙකකදී පසුකර ගියා.

එහිදී  කිංග්ස් පිළ වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 64ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

අන්ඩ්රේ රසල් පන්දු 20කදී ලකුණු 32ක් රැස් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *