“පසුගිය කාලයේ දේවල් මම හොඳින් දන්නවා. වටිනාකමක් නැහැ” – මාලිංග කණ්ඩායම මත වරද පටවයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩකයන්ට කොතරම් අවස්ථාව දුන්නද ඔවුන් එයින් නිසි ප්‍රයෝජන නොගන්නා බව එක්දින නායක ලසිත් මාලිංග පවසනවා.

දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලැබූ පරාජය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර සිටියා.

‘මට තියෙන ප්‍රශ්නය ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ දේශීය තරගාවලිය නියෝජනය කරලා දක්ෂතා දක්වලා. අපිට දෙවියෝ දෙන දෙයක් නෙමෙයි මේක. මහන්සියෙන් ලබා ගන්න දේට කොච්චර වටිනාකමක් තියෙනවද කියලා දන්නවද දන්නෙ නැහැ.

මෑත කාලයේදී ක්‍රීඩකයන් ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත බව පේන්නෙ නැහැ. මීට කලින් මෙහෙම අවස්ථා කාටවත් ලැබිලා නැහැ. ඒ කාලයේ අවස්ථාව ලැබුණ කට්ටිය පෙන්නලා තියෙනවා ඔවුන්ට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. නමුත් දැන් එහෙම නැහැ. මම අවුරුදු 14 ක් ජාතික කණ්ඩායම නියෝජනය කළ නිසා පසුගිය කාලයේ දේවල් හොඳින් දන්නවා.’

ආරම්භයක් කියන්නෙ ලකුණු 30 ක් ගහන එක නෙමෙයි. එහෙම ගැහුව්වට මට සතුටු වෙන්න බැහැ. අංක හත වෙනකම් ජයග්‍රහණය කරා රැගෙන යන්න පුළුවන් පිතිකරුවන් ඉන්න ඕන.” යනුවෙන් ලසිත් මාලිංග එහිදී පවසා සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *