මහත්මාගුණය අවසන් කරමින් ක්‍රිකට් ලෝකය කළඹමින් පැවති IPL තරගය

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (25) පැවති තරගයේ දවා ගැනීමක් සමස්ථ ක්‍රිකට් ක්ෂේත්‍රයේම දැඩි අවධානයට ලක් වුණා.
රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් IX පන්ජාබ් කණ්ඩායම් අතර තරගයේ සිදුවු මෙම සිදුවීම හේතුවෙන් ක්‍රිකට් දන්නා බොහෝ දෙනෙක් එම සිදුවීම විවේචනය කර තිබුණා.
රාජස්ථාන් රෝයල් කණ්ඩායම නියෝජනය කරනු ලබන එංගලන්ත ක්‍රිඩක ජොස් බට්ලර්ව රවිචන්ද්‍රන් අශ්වින් විසින් “මැන්කැඩ්” ක්‍රමයට දවා ගැනීම එම සිදුවීමයි.
ලකුණු 185 ක ඉලක්කයක් හඹා යමින් සිටි රාජස්ථාන් රෝයල් කණ්ඩායම ඒ වන විට එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 108ක් ලබා ගෙන සිටියා.
ඒ වන විට පන්දු යවමින් සිටි කිංග්ස් XI කණ්ඩායමේ නායක රවිචන්ද්‍රන් අශ්වින් පන්දු යැවීමට දිව එනවාත් සමග එම අන්තයේ රැඳී සිටි ජොස් බට්ලර් ක්‍රමක් ක්‍රමයෙන් සිය සිමාවෙන් ඉදිරියට යන අයුරු දුටු අශ්වින් එක්වර කඩුල්ල බිඳ දමනවා වෙනුවට මදක් නැවති සිට කඩුල්ල බිඳ දැමුවා. විනිසිරුවරයා විසින් එය දැවි යාමක් ලෙස සංඥා කරනු ලැබුවා.
“මෑන්කැඩ්” ක්‍රමයට පිතිකරුවෙක් දවා ගැනීමට නීති සම්පාදනය කර තිබුනත් මහත්වරුන්ගේ ක්‍රිඩාවක් ලෙසට ක්‍රිකට් ක්‍රිඩාවේ ජීවගුණය ආරක්ෂා කිරිම උදෙසා පිතිකරුවෙක් අතින් එවැනි අතපසුවිමක් සිදුවන විට පළමුව පන්දු යවන්නා විසින් පිතිකරුට අවවාදයක් ලබාදීම සිදුකරනු ලබනවා.
කෙසේ වුවත් ඊයේ තරගයේදි පන්දු යවමින් සිටි අශ්වින් විසින් ජොස් බට්ලර් හට එවැනි අවවාදයක් හෝ අනතුරු ඇගවිමක් සිදු කර නැති බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *