අමෙරිකාව සහ තායිවානය නිසා චීනය නොසන්සුන්

 

තායිවාන ජනාධිපති සායි ඉන්ග් වෙන් සහ අමෙරිකානු කතානායක කෙවින් මැකාති අතර හමුව හේතුවෙන් චීනය නොසන්සුන් වී තිබේ.

චීනය පවසන්නේ එම හමුවට විරුද්ධව දැඩිව ප්‍රතිචාර දක්වන බවයි.

තායිවානයේ ජනාධිපති සායි ඉන්ග් වෙන් සහ අමෙරිකානු කථානායක කෙවින් මැකාති අතර පැවති හමුව චීන විදේශ අමාත්‍යාංශය ද දැඩිව හෙළා දකින දැක ඇත.

චීනය පවසන්නේ එය සිය රටේ ස්වෛරීත්වයට තර්ජනයක් බවයි.

තායිවානයේ හිතුවක්කාරී ක්‍රියාකලාපයෙන් “එක චීනයක්” යන ප්‍රතිපත්තිය දැඩිව උල්ලංඝනය වී ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

සිය අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් තායිවානය සිදු කරන ක්‍රියා බරපතල ප්‍රතිවිපාක ගෙන දෙනු ඇති බව ද චීන විදේශ අමාත්‍යාංශය පවසා තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *