ඇමරිකාව සහ චීනය දකුණු චීන මුහුද ගැන යළි මත ගැටුමක

එක්සත් ජනපදය පසුගිය දා දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති මුරපොළවල් නැවත අත්පත් කර ගැනීමට සහ මිලිටරිකරණය කිරීමට චීනය දරණ ප්‍රයත්නයන් පිළිබඳව සිය කණසල්ල පළ කළේය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු සාකච්ඡාවකදී එහි ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පැවසුවේ, “දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති මුරපොළවල් බලහත්කාරයෙන් සහ නීතිවිරෝධී ලෙස නැවත අත්පත් කර ගැනීමට සහ මිලිටරිකරණය කිරීමට චීනය දරන උත්සාහය සමුද්‍රීය හිමිකම් හා කලාපයේ සාමය සහ ආරක්ෂාව අඩපණ කරන බවයි.

සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) යටතේ චීනයට එරෙහිව පිලිපීනය විසින් ගෙන එන ලද හිමිකම් සනාථ කරමින් ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයක් විසින් සුවිශේෂී තීන්දුවක් අනුව දකුණු චීන මුහුදේ වැඩි ප්‍රදේශ සහ අක්වෙරළ සම්පත් සඳහා චීනයට පූර්ණ හිමිකම් නොමැති බව ප්‍රකාශ කර තිබේ.

එම තත්ත්වය නොතකා කලාපයේ සෑම ප්‍රදේශයකටම පූර්ණ හිමිකම් කියන චීනය, පිලිපීනයේ ස්ප්‍රැට්ලි දූපත් ඇතුළු ජනාවාස නොමැති දූපත් ගොඩකරමින් කෘතිම දූපත් බවට පරිවර්තනය කරමින් සිටින බවට එක්සත් ජනපදය ඇතුළු මිත්‍ර පාක්ෂිකයන් සහ ඉන්දු ෆැසිපික් හවුල් කරුවන්ගේ නිරන්තර විවේචනයට ලක් වී සිටියි.

චීනය ගල්පරවල භෞතික භූමි ලක්ෂණ වෙනස් කරමින් ඒවායේ ප්‍රමාණය සහ ව්‍යුහය වෙනස් කරමින් සිටින අතර පැරසෙල් සහ ස්ප්‍රැට්ලි දූපත් මත ගුවන් පථ ද පිහිටුවා ඇත.

චීන ධීවර යාත්‍රා මසුන් ඇල්ලීමේ වාණිජ ව්‍යාපාරයට වඩා රාජ්‍යය වෙනුවෙන් අතුරු හමුදාවක් ලෙස සේවයේ යෙදී සිටින බැවින් කලාපයේ සාමය සහ ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වී තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ දී එක්සත් ජනපදය නිකුත් කළ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයකින් ද චීනය දකුණු චීන මුහුදේ සිදු කරන නීතිවිරෝධී ගොඩකිරීම් සහ හමුදාකරණය පිළිබඳ සාක්ෂි රැසක් හෙළි දරව් කෙරිණි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *