සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට ජවිපෙ එකතු විය යුතුයි

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණ එකතු විය යුතු බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට වෙනුවෙන් කැපකිරීමක් කිරීමට සුදානම් බවය.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ මේකට එකඟවෙලා ද ඉන්නේ සර්ව පාක්ෂික රජයකට ?

“සාකච්ඡා කළා. නමුත් යම් යම් අපහැදිලිතාවයන් තියෙනවා. කොහොම නමුත් සියලුදෙනා එකතුවෙලා මේ කටයුත්ත කරන්න ඕනේ. මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණත් සර්ව පාක්ෂික ආණ්ඩුවට එකඟ වියයුතුයි. සජිත් ප්‍රේමදාස මහත්තයා රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න සුදානම් වෙලා ඉන්නේ. මේ වගේ වෙලාවක නිවැරදි ප්‍රකාශයක් කරන්න ඕනේ. අපේ පක්ෂය රට වෙනුවෙන් වගකීමක් භාරගන්න තීරණය කරලා හමාරයි. අපි ඒ ගැන දැනුම්දීලා තියෙනවා.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *