රත්ගම දෙදෙනා මරණ අතරේ ‘ඉහළම පොලිස් ලොක්කෙකුට දුන්’ ඇමතුම හසුවේ

රත්ගම දී පැහැරගත් පළමු ව්‍යාපාරිකයා මිය ගිය පසු දෙවැනි ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් උසස් පොලිස් නිලධාරියෙකුගෙන් උපදෙස් ලබා ගත්තේදැයි සොයා බලන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසනවා.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ පළමු ව්‍යාපාරිකයා පහර දෙද්දී මිය ගිය පසු එම පිරිස අතර සිටි පොලිස් නිලධාරියෙක් උසස් පොලිස් නිලධාරියකුට දුරකතන ඇමතුමක් ගෙන ඇති බවයි.

ඉහළ පොලිස් නිලධාරියකුගේ බලපෑම මත සති තුනක් යන තුරු පැහැර ගැනීම ගැන විමර්ශන සිදු නොවුනාදැයි සොයා බලන අතර ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගත් දිනයේම රත්ගම පොලිසියට සහ සහකාර පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කර ඇතත් විමර්ශනයක් සිදු නොවීම ගැන ද සැක සහිත බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශය වාර්තා කර ඇත්තේ.

පැහැර ගැනීමට සතියකට පමණ පෙර දකුණේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියකුගේ සාදයකට මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් මස් සහ මාළු ලබාගෙන ඇතැයි ද විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *