ක්‍රිස් ගේල්ගෙන් යළි වේගවත් ඉනිමක්; පන්දු 27කදී ලකුණු 77ක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග ඊයේ පැවැති තරගයේදී යළි වේගවත් ඉනිමක් ක්‍රීඩා කිරීමට කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් සමත්වුණා.

ඊයේ පැවැති මෙම තරගය කොදෙව් කණ්ඩායම ජය ගත්තේ කඩුළු 7 කින්. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 113කට සීමා කීරීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වුණා.

කොදෙව් පිතිකරුවන් එම ඉලක්කය පසු කර ගියේ 12වන පන්දු වාරයේදීයි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රිස් ගේල් පන්දු 27කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 77ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 9 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වුණා.

ක්‍රිස් ගේල් මෙම තරගයේදී අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 19කදීයි. එක්දින තරගයක කොදෙව් පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ලෙස ද මෙය සටහන් වුණා.

wi-crush-england-to-tie-series

wi-crush-england-to-tie-series

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *