නොරොච්චෝලේ කෝටි 13ක අලාභයක හෙළිදරවුවක්

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට රැගෙන ආ ගල් අඟුරුවලට බදු අය කිරීමේදී සිදුවූ සිද්ධියක් හේතුවෙන් රුපියල් කෝටි 13කට වැඩි ආදායමක් රජයට අහිමි වී තිබේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා (කෝපා) වාර්තාවේ සඳහන්ව ඇත්තේ එම සිද්ධිය ‘වැරැද්දක්’ බවය. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ විසින් පසුගිය 06දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. කාරක සභාව සිදුකළ රාජ්‍ය ආයතනවලට අදාළ විමර්ශන 16ක තොරතුරු මේ වාර්තාවට ඇතුළත් ය.

මීට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ ආයතන රැසකින් පසුගිය වසරේදී පද්ධති දෙකක් හරහා රුපියල් කෝටි දස දහස් පන්සීයකට වැඩි හිඟ බදු මුදල් ප්‍රමාණයක් අයකර ගත යුතුව තිබුණත්, අය කරගෙන ඇත්තේ රුපියල් කෝටි හාරසිය හතළිස් දෙකක් පමණක් බව ද එම වාර්තාවේ සඳහන් ය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *