තෙල් පෝලිමක ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීමට ආ යුද හමුදා සෙබලාට තියුණු ආයුධයකින් පහර දෙයි

ඇඹිලිපිටිය ඉන්ධන පිරවුම්හලක ඇති වූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට මැදිහත් වූ යුද හමුදා සෙබළෙකුට එහි සිටි පුද්ගලයෙකුගෙන් තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අදාළ සෙබළා තුවාල ලබා මේ වනවිට ඇඹිලිපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ඊයේ (03) සවස මෙම පිහි ඇනුම සිදු වී ඇති අතර, අදාළ පහරදුන් තැනැත්තා සෙබලාගේ රාජකාරි ගිනි අවිය ද පැහැරගෙන ගොස් තිබෙනවා.

දින 05කට පසුව මෙම පිරවුම්හලට ඉන්ධන ලැබී ඇති අතර, පැය කිහිපයක් තුළ ඉන්ධන තොග අවසන් වීම හේතුවෙන් පෝලිමේ රැඳී සිටි පිරිස් අතර නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

එම අවස්ථාවේදියි යුද හමුදා සෙබලාට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කඳුරුගස්ආර ඉංජිනේරු සේවා බලකා කඳවුරට අනුයුක්තව සේවය කරන හමුදා සාමාජිකයෙක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *