අවුරුද්දට බිත්තරේ 35ට බහීවි

මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවටත් වඩා වැඩියෙන් කුකුළු ගොවිපොළවල බිත්තර නිෂ්පාදන කෙරෙන නිසා දේශීය කුකුළු බිත්තරයක මිල අප්‍රේල් මාසයේ සිට පහළ යනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

මේ වනවිට දේශීය වෙළෙඳපොළේ රුපියල් 42-48 දක්වා මිල ගණන් යටතේ අලෙවි කෙරෙන දේශීය කුකුළු බිත්තරයක් සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුළ රුපියල් 35ටත් වඩා මිල අඩු වීමට ඉඩ ඇතැයි ද ඔහු කීය.

උත්සව සමයේදී දේශීය කුකුළු බිත්තරයක මිල රුපියල් 100 දක්වා ඉහළ යනු ඇතැයි ඇතැම් පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායම් විවිධ ප්‍රකාශ මාධ්‍යයට නිකුත් කරනු ලැබුවද අමාත්‍යාංශය ගත් දීර්ඝ කාලීන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් මේ වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාව ඉක්මවා ගොස් ඇති බවද ඇමතිවරයා සඳහන් කළේ ය.

සාමාන්‍යයෙන් මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව බිත්තර ලක්ෂ 65ක් වුවත් දැනටමත් දේශීය කුකුළු ගොවිපොළවල බිත්තර නිෂ්පාදනය ලක්ෂ 75 ඉක්මවා ගොස් ඇතැයි බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ යැයිද ඇමතිවරයා කීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *