කඳුළු ගෑස් අසාත්මිකතාවකින් අරගලකරුවෙක් මරුට

අගමැති කාර්යාලය අත්පත් කර ගැනීමට අරගලකරුවන් ඊයේ (13) උත්සාහ කළ අවස්ථාවේදී එල්ල කෙරුණු කඳුළු ගෑස් ප්‍රහාරයට මැදි වූ අරගලකරුවකු අසාත්මිකතාවක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මෙසේ මිය ගියේ මහව, දළදාගම පදිංචි දෙදරු පියකු වූ ඩී.එම්.ජාලිය දිසානායක (26) නැමැත්තෙකි.

මොහු ඇදුම රෝගයෙන් පෙළෙන අයකු වන අතර කඳුළු ගෑස් වැදීම නිසා ඇති වූ අසාත්මිකතාවක් මත මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මිය ගිය තැනැත්තාගේ පියා මහව ප්‍රාදේශීය සභාවේ සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වන අතර මොහු ඊයේ (13) උදෑසන මිතුරු කණ්ඩායමක් සමඟ අරගල භූමියට පැමිණ පසුව අගමැති කාර්යාලයේ පැවැති උද්ඝෝෂණයට එක්ව ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *