යාචක කාන්තාවක් ගැසූ ‘සෙරෙප්පු පහරින්’ අනුරපුරේ අයෙක් මරුට

අනුරාධපුර දුම්රිය ස්ථානයට යාබද දුම්රිය හරස් මාර්ගයක් අසළ දී යාචක කාන්තාවක් සිදුකළ පහරදීමකින් වයෝවෘද්ධ යාචකයෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ පස්වරුවේ බීමතින් පැමිණි යාචකයෙකු යාචක කාන්තාව සමග ඇති කර ගත් ආරවුලක් දුරදිග ගොස් යාචක කාන්තාව තම සෙරෙප්පුවෙන් ඔහුට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අදාළ පුද්ගලයා බිම ඇද වැටී මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ අනුරාධපුර පූජා නගරය අවට ගැවසුණු 62 හැවිරිදි යාචකයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *