ජනාධිපති අපේක්‍ෂකත්වයට විජේදාස නම් කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන්නැයි එම පක්ෂය විසින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

එම පක්ෂයේ විධායක සභාව හා ආසන සංවිධායකයන් විසින් මෙම ඉල්ලීම කර ඇත්තේ පක්ෂ මූලස්ථානයේදී පැවැති විශේෂ හමුවකදීය.

විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර සුදුසු තීන්දුවක් ඉදිරියේදී ගන්නා බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂ විධායක සභිකයන්ගේ හා ආසන සංවිධායක වරුන්ගේ රැස්වීමක් පැවැත්වුණු අතර ඊට ආරාධිත දේශක ලෙස විජේදාස රාජපක්ෂ මහතා සහභාගි විය.

අදාල ඉල්ලීම අමාත්‍යවරයාගෙන් කර ඇත්තේ එම හමුවේදීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *