ශ්‍රී ලංකා ක්‍රිකට් පොඩ්ඩන්ට තීරණාත්මක තරඟයක් අද

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග මේ වනවිට ආරම්භ වී තිබේ.

ඊයේ පැවති පළමු තරගයෙන් එංගලන්ත යොවුන් කණ්ඩායම, දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය.

නොර්ත් සවුන්ඩ් හි පැවති එම තරගය කඩුලු 6කින් ජයගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 209ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්ත යොවුන් කණ්ඩායම පන්දු ඕවර 31.2කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 212ක් රැස්කළේය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අර්ධ අවසන් පූර්ව තරඟය අද (27) පැවැත්වෙයි.

එම තරගය ඇන්ටිගා හි පැවැත්වෙයි.

එය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.30ට ආරම්භ වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *